Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

බිපාෂා බාසූ විවාහ වෙයි (VIDEO)

බිපාෂා බාසූ විවාහ වෙයි (VIDEO)

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි බිපාෂා බාසූගේ විවාහ මංගල්‍ය අදට (30) යෙදී තිබෙනවා.

ඇයගේ අතගනු ලබන්නේ ජනප්‍රිය ටෙලි හා සිනමා නළු කරන් සිං ගෝවර් ය. විවාහ දිවියට එළැඹෙන බිපාෂා 37 වැනි වියෙහි පසුවන අතර කරන් සිං 34 වැනි වියෙහි පසුවෙනවා.

ඔවුන් දෙදෙනාගේ විවාහය දකුණු මුම්බායි නගරයේ පිහිටි තරු පහේ හෝටලයක පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ලැබෙන ආරංචි මාර්ගවලට අනුව මෙම විවාහ මංගල්‍ය මේ වසරේ පැවැත්වෙන සුපිරිතම විවාහ මංගල්‍යක් ලෙස පැවැත්වීමට කරන් හා බිපාෂා දෙදෙනා කටයුතු කර ඇති අතර, සිය විවාහය සඳහා බොලිවුඩ් නළුනිළියන් රැසකට ද, දේශපාලනඥයන් මෙන්ම දෙස්-විදෙස් ක්‍රිකට් තරු බොහොමයකට ද ආරාධනා කර ඇති බව වාර්තා වෙනවා.

විවාහයට පෙර මොවුන් දෙදෙනා පෙනී සිටි “ෆ්‍රී ෂූට්” වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ද දක්නට ලැබෙනවා.

ඊට අදාල වීඩියෝවක් මෙතනින් නරඹන්න>>>

No comments:

Post a Comment

Bottom Ad [Post Page]