Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

දුවගේ අඩනිරුවත් ඡායාරූප ගමටම බෙදු තරුණයාගෙන් මැරුම් කෑ මවක්.

දුවගේ අඩනිරුවත් ඡායාරූප ගමටම බෙදු තරුණයාගෙන් මැරුම් කෑ මවක්.


බද්දේගම මීමැඩුම ගම්මානයේ තරුණියකගේ පෙම්වතා එයාගේ අඬ නිරුවත් ඡායාරූප අරගෙන. ඊට පස්සේ ඒවා ඒ පෙම්වතා ගමේ ඉන්න අයට තැපැල් කරලා යවලා.

තමන්ගේ දුවට මේ කළ වැඬේට ගොඩක් කේන්ති ගිය එයාගේ තාත්තා ඒ තරුණයට ගෙදරට එන්න කියලා පහර දීලා.

මේ සිද්ධිය ගැන ඒ තරුණයා බද්දේගම පොලිසියට පැමිණිලි කලාට පස්සේ මේ තාත්තව පොලිසියට අල්ලන් ගිහින්. එයාට ඇප ලැබුණේ ගිය සිකුරාදා.

තරුණියගේ අඬ නිරුවත් ඡායාරූප සිද්ධිය ගැන පැමිණිලි කරන්න කියලා ලැබුණු උපදෙස් අනුවයි ඒ තරුණිය එයාගේ අම්මත් එක්ක විසිවෙනිදා හවස පොලිසියට ගියේ.

පොලිසියට ගිහින් එන අතරේ මේ ඡායාරූප සිද්ධියට සම්බන්ධ තරුණයා යාළුවෙක් එක්ක පස්සෙන් ඇවිත්. ඒ බව දැකපු තරුණිය ජංගම දුරකතනයෙන් මේ අනතුර ගැන තමන්ගේ ඥාතියෙකුට කියන්න හදලා. එතකොටම පස්සෙන් ආපු එයාගේ පෙම්වතයි යාළුවයි තරුණියටයි මවටයි බද්දේගම පාලම උඩදී පොල්ලෙන් ගහලා ගිං ගඟට තල්ලූ‍ කරලා.

දෙන්නෙක් ගෙඟ් ගහගෙන යනවා දැකපු තරුණයෝ දෙන්නෙක් තරුණියව බේරාගත්තත් එයාගේ අම්මා මහා ජල කඳ අතරේ සැඟවුණා. මොන තරම් හෙවුවත් දවස් දෙකක් තිස්සේ හොයාගන්න බැරි වුණු මේ මවගේ මළ සිරුර අද හමුවුණා. ඒ බද්දේගම මාරගහ තොටුපල ගාවදි.

දුවගේ ප‍්‍රශ්නයකට අවාසනාවන්ත විදියට ජීවිතෙන් සමු ගත්තේ නිලානි ගුණවර්ධන නැමැති 35 හැවිරිදි සිව් දරු මවක්.

සැකකරුවන් පැනලා ගියත් කුරුඳුගහ හැතැක්ම හා මීමැඩුම ප‍්‍රදේශවලදී දෙන්නවම පොලිසිය කොටු කර ගත්තා.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]