Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

වයිට් චොකලට් අක්කාට වුණේ හීනෙකින්වත් හිතපු නැති දෙයක්.

වයිට් චොකලට් අක්කාට වුණේ හීනෙකින්වත් හිතපු නැති දෙයක්.

මධුෂා හේරත් කියන්නේ මේ දවස්වල නිතර දෙවේලේ රූපවාහිනියෙන් පෙනෙන වෙළෙඳ දැන්වීමක දකින්න ලැබෙන කෙනෙක්. ප්‍රදීප් රංගනගේ ‘පෙම් සිහිනේ‘ ගීත වීඩියෝවේ පවා දකින්න ලැබුණු මධුෂා දැන් ගොඩාක් ජනප්‍රියයි. හැබැයි එයා තාමත් කියන්නෙ එයා රංගනයට කැමති නැහැයි කියලයි.

ගුවන් සේවිකාවක් වෙන්න හීන දැක්ක මධුෂා ඒ හීනෙටත් තිත තියන්නෙ ඒකට ගෙදර අයගේ කැමැත්තක් තිබුණේ නැති නිසයි. නිරූපිකාවක් වෙන අදහසක් හිතේ කොනකවත් නොතිබුණ මධුෂා කාලයක් මනාලියන් හැඩගැන්වීම්වලට සුළු වශයෙන් සම්බන්ධ වෙලා හිටියා. එහෙම ගිහින් තමයි වෙළඳ දැන්වීම්වලට එන්න අවස්ථාවක් ලැබෙන්නේ.

තමා වෘත්තීය නිරූපණ ශිල්පිනියක් ලෙස හඳුන්වනවාට අකමැති මධුෂා කියන්නෙ විනෝදාංශයක් ලෙස තමා ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නව කියලයි. සිය සැමියා බොහෝ වෙලාවට ලංකාවේ නොසිටියත් ඔහු ලංකාවේ  ඉන්න වෙලාවට මධුෂාට සිය කටයුතු කරගෙන යෑමට ලොකු සහයෝගයක් දෙනව කියලත් කියනවා.

වෘත්තීය නිරූපණ ශිල්පිනියක් නොවුණත් මධුෂා, රූපය, හැඩය ගැන සැලකිලිමත්. හැබැයි එහෙමයි කියලා නිතර නිතර සැලොන් ගානේ යන්නේ නැහැ කියලත් ඇය කිව්වා. "කෑම බීම පරෙස්සමෙන් ගන්නවා. වැඩිපුර පලතුරු ටිකක් කාලා වතුර එහෙම වැඩිපුර බොනවා" කියලයි ඇය කියන්නේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]