Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සරත්ට උත්තර නැහැ.

සරත්ට උත්තර නැහැ.

සාමාන්‍යයෙන් නළු නිළියන් එකතු වුණාම ඔවුන් මුහුණපාපු අත්දැකීම් වගේම ගෙදරදොර සිදුවීමුත් කියන්න පසුබට වෙන්නෙ නැහැ. අපේ ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරිත් මේ වගේ අපූරු සිදුවීමක් මතක් කළේ පසුගිය දවසක කලාකරුවන් එකතු වූ මොහොතකයි. 

සරත්ට ඉන්නේ පුතයි දුවයි. අද ඒ දෙන්නම ලොකු දරුවන් වුණත් පුංචි කළෙ මේ දෙන්නා හරිම හුරතල්. දුව එක වසරේ ඉගෙන ගන්නකොට පුතා හතර වසරේ පාසල් සිසුවෙක්. දුව පාසල් යන්න පාන්දරින්ම නැගිටිනවා. පළමු වසරට දාපු දවසේ ඇය පාසල් යන්න නැගිටින්නේ පාන්දර 5.30ට. එත් පුතා හය හමාර විතර වෙනකම්ම නිදා ගන්නවලු. ඉතින් සරත් පුතාව නැගිටුවන්න ළඟට ගිහින් 'අනේ පුතේ බලන්නකො නංගී පාන්දර ඉඳලම ඉස්කෝලෙ යන්න ලැහැස්ති වෙනවා. ඔයා තාම නිදි. බලන්නකො නංගිට තියෙන උනන්දුව. ඔයාට නැහැනෙ. කියලා කිව්වලු. ඒත් ඒ දේවල් පුතා ගණනකට අරගෙන නැතුව කොට්ටෙත් බදාගෙන අනෙක් පැත්ත හැරිලා මෙහෙම කිව්වලු. 'හරි හරි එහොම ඉන්නකො. නංගි තවම එක වසරෙනෙ. හතරට ආවහම එයත් මේ වගේම වෙයි. කියලා. සරත්ට උත්තරත් නැති වුණාලු.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]