Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ලාබාලතම මන්ත්‍රීවරියවූ ඔෂිණි නීලජීගේ අනාගත බලාපොරොත්තුව.

ලාබාලතම මන්ත්‍රීවරියවූ ඔෂිණි නීලජීගේ අනාගත බලාපොරොත්තුව.

ලංකාවෙන්ම ලාබාලතම මන්ත්‍රීවරියක ලෙස පසුගිය පෙබරවාරි මස පැවැත්වුණ පළාත් පාලන මැතිවරණයෙන් 19 වියේ පසුවන මෙනවියක දිවුලපිටිය ප්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටිනවා.

දිවුලපිටිය අකරගම පදිංචි ඔෂිණි නීලජී මුතුගල මෙනවිය මෙලෙස එක්‌ව සිටින ලාබාලතම මන්ත්‍රීවරියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂිකාව ලෙස අකරගම කොට්‌ඨාසයට ඉදිරිපත්වූ ඇය ඡන්ද 1684 ක්‌ ලබාගෙන මෙලෙස මන්ත්‍රීවරියක් ලෙස පත්වුණා.

සිය මංගල ඡන්දය ඇය වෙනුවෙන්ම වූ අකරගම විද්‍යාලයීය ඡන්ද මධ්‍යස්‌ථානයේ දී පෝලිමේ මුලින්ම සිට පළමුවෙන්ම දමා ගැනීමට තරම් ඇය වාසනාවන්ත වුණා. එය කලාතුරකින් ලැබෙන සුවිශේෂී අවස්‌ථාවක්‌ බව ඇයගේ දෙමාපියන් ඇතුළු පළාත්වාසීහු පවසනවා.

අ. පො. ස. උසස්‌ පෙළ විභාගයෙන් උසස්‌ ලෙස සමත් ඇය සරසවි වරම් අපේක්‍ෂාවෙන් සිටිනවා. නර්තන ශිල්පිනියක ලෙස ඉගෙනුම ලබා අනාගත නර්තන ශිල්පිනියක වීමේ අපේක්‍ෂාවෙන් ඇය පසුවනවා.

දූනගහ රණසිංහ මහා විද්‍යාලයෙන් හා වෙන්නප්පුව පවුලේ කන්‍යාරාමයෙන් ඉගෙනුම ලැබු ඔෂිණී නීලජි මුතුගල මෙනවිය පීඩාවට පත් ජනතාව වෙනුවෙන් හා තරුණ පරපුර වෙනුවෙන් සේවය කිරීමේ අභිලාෂයෙන් පසුවනවා.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]