Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

පියුමි හංසමාලි එකම දවසක චිත්‍රපට දෙකකින් එකවර තිරයට...

පියුමි හංසමාලි එකම දවසක චිත්‍රපට දෙකකින් එකවර තිරයට...

අන්තර් ජාලය ඔස්සේ නිතර ආන්දෝලනාත්මක පුවත් මවන්නියක වූ පියුමි හංසමාලි රංගනයෙන් දායක වූ මුල්ම චිත්‍රපට යුගළ මෙම මස එකම දිනයකදී තිරගතවීමට නියමිත බැව් වාර්තා විය.

වස්සානේ සඳ සහ රයිගමයයි ගම්පලයයි එම චිත්‍රපට යුගලයයි. වස්සානේ සඳ උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයකි. පියුමි සමඟ අනුජ් රණසිංහ, ඕෂධී හිමාෂා, ඇන්ජලෝ සංජු බාන්ස් යන නව පරපුරේ නළු නිළියන් ඇතුළු රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනීතා වීරසිංහ, ශ්‍රීනාත් මද්දුමගේ, අනුලා කරුණාතිලක, කිරුළ හේරත්, කුමාරි සේනාරත්න, ගිවන්ත අර්ථසාද් මෙහි රංගනයෙන් දායක වෙති.

පියුමි රයිගමයයි ගම්පලයයි සිනමාපටයේ රඟපාන්නේ ගැමි චරිතයක්. එහි සෙසු ප්‍රධාන නළු නිළියන් ලෙස විජේරත්න වරකාගොඩ, ගිරිරාජ් කෞශල්‍ය, කුමාර තිරිමාදුර, රෝහිත මාන්නගේ, ලක්ෂ්මන් අමරසේකර, හේමන්ත ජයලත් රංගනයෙන් දායක වේ. රයිගමයයි ගම්පලයයි සමඟින් තවත් නවක අධ්‍යක්ෂවරයෙක් සිනමාවට එකතු වේ. ඒ ලලිත් ප්‍රේමතිලකයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]