Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

උදාරිගේ සැලොන් වලිය, චේති තහවුරු කරයි.

උදාරිගේ සැලොන් වලිය, චේති තහවුරු කරයි.
නිලියක වන උදාරි පෙරේරා හා තවත් කාන්තාවක් අතර රූපලාවන්‍යාගාරයක් තුළ ගැටුමත් ඇතිව ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වූ අතර ඒ සම්බන්ධ ගැටුමට මැදිවූ අනෙක් කාන්තාව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෙළිදරව්වක් කර තිබේ.

එසේම උදාරිද සිය ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබිණි.

උදාරි සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන.


සිද්ධියට සම්බන්ධවූ අනෙක් කාන්තාව වන චේති දිසානායක “රිවිර” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ කාරණාව හෙළිකර තිබුණේ මෙසේය.

එම සම්පූර්ණ සාකච්ඡාව පහත දැක්වේ.

උදාරිත් එක්ක සැලෝන් එකෙන් එළියට ඇදලා දාපු චේති කිව්ව කතාව

ජනප්‍රිය නිළියක වන උදාරි පෙරේරා පසුගියදා තවත් කාන්තාවක සමග රණ්ඩුවක පැටලීම නිසා රූපලාවන්‍යාගාරයකින් එළියට ඇද දැමූ පුවතක් පසුගියදා වාර්තා වුණා. එම සිද්ධිය වී තිබුණේ නාවල පිහිටි රූපලාවන්‍යගාරයක් තුළයි. එහිදී උදාරි සමග බහින්බස් වූ කාන්තාවගෙන් මේ ගැන දැනගන්න අපි කතා කළා. ඇය චේති දිසානායක.

ඇත්තටම එදා වුණේ මොකක්ද?

පරණ සිද්ධියක් නිසයි ඒ බහින්බස්වීම සිදුවුණේ. මගේ සැමියටයි, මටයි උදාරි හරියට තැන තැන බණිනවා කියලා මට ආරංචි වුණා. ඒත් එක්කම මම එයාගෙයි, මගෙයි යාළුකම නවත්තලා දැම්මා. මීට අවුරුදු තුනකට කලින් තමයි ඒ දේවල් වුණේ. මට ඕනකම තිබුණා. ඇයි මම මෙච්චර උදව් කරලත් එයා එහෙම බණින්නේ කියලා. මම එයාව හොයාගෙන ගියත් එයා මාව ඒ හැම වෙලාවකදිම මගහැරියා. එදා අහම්බෙන් තමයි නාවල රූපලාවණ්‍යාගාරයක හම්බ වුණේ. ඒ වෙලාවෙදි මම උදාරට හා කීවා, මැඩම් කොහොමද, ඔයාව මම හොය හොයා හිටියේ’ කියලා. මම කේන්තියෙන් කතා කළා. එතැන හිටපු මගේ යාළුවට උදාරි කීවා ‘ඇයි මේ ගෑනි මේ විදියට හැසිරෙන්නේ මම දන්නෙ නැහැ’ කියලා. ඉතින් එහෙම කීවහම මට කේන්ති ගියා. එයාට මුල අමතකවෙලා. එයා එදා හිටපු විදිහ අද එයා අමතක කරලා. උදාරි බබා වගෙයි එතැන හැසිරුණේ. එතැන උදාරිගේ යෙහෙළියක් හිටියා. මම ඒ කෙනාට කීවා ඔයාගෙ හස්බන්ඩ් පරිස්සම් කරගන්න, සල්ලි තියෙනවා නම් මේ දේවල් කරන්නේ කියලා. එතකෙට උදාරිට කේන්ති ගිහින් මට කුණුහරුපෙන් බණින්න ගත්තා මට හෙණ ගහනවා කියලා.

කොහොමද ඔබ උදාරිව හඳුනන්නේ?

අවුරුදු අටක ඉඳන් දන්නවා. නර්මදා කියලා මගේ යාළුවෙක් ඉන්නවා. එයාගේ මාර්ගයෙන් තමයි මම ඇයව හඳුනන්නේ. අවුරුදු තුනක ඉඳන් මම එයාව ආශ්‍රය කළේ නැහැ.

ඇයි ඒ ආශ්‍රය නැවැත්තුවේ?

එයාගේ හස්බන්ඩ් උදාරිගේ වුණු වැරැද්දකට ගෙදරින් එළියට දාලා තිබුණා. ඒ වෙලාවේ උදාරි රෑ නවයට විතර කතා කළා. මමයි, මගේ යාළුවෙකුයි උදාරිව මගේ ගෙදරට එක්කගෙන ඇවිත් සති දෙකක් විතර තියාගෙන හිටියා. අපි තමයි එයාට ඊට පස්සේ එපාර්ට්මන්ට් එකක් ගන්න උදව් කළේ. එයා මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් ඒ කිරුළ ගන්න අපි උදව් කළා. එයා ඊට පස්සේ ආශ්‍රය ටික ටික නැවැත්තුවා. මගේ යාළුවෙක් කන්ෆරන්ස් කෝල් එකක් දාලා එයා මටයි, සැමියටයි බණිනවා අහන්න දුන්නා. එදා තමයි මම හිතාගත්තේ මෙහෙම යාළුවෝ මොකටද කියලා. උදාරි ප්‍රසිද්ධ වෙනකොට යාළුවෝ සියල්ල අමතක කරලා එයා පෙන්වන චරිතෙ ‍නෙවෙයි ඇත්ත උදාරි කියන්නේ.

මම එයාගේ මිසිස් ශ්‍රී ලංකා ක්‍රවුන් එක ගන්න මුදල් දුන්නා. එයා මට විතරක් ‍නෙවෙයි මගේ යාළුවෙක්ගෙනුත් සල්ලි අරගෙන තිබ්බා. එයාට මිසිස් ශ්‍රී ලංකා ක්‍රවුන් එක ලැබුණහම චීනයට ගියේ නැහැ. මොකද එයාට හිරු ගෝල්ඩන් සම්මානය ගන්න ඕන නිසයි. එයා මලිත්ටත් බොරු කියලා මිසිස් වර්ල්ඩ් තරගයට යන එක මගහැරියා. එයා ඒ තරගෙට යන්න වීසාත් ලැබුණා. ඒත් එයා ගියේ නැහැ. මට දුකයි, කලකිරීමයි තියෙන්නේ. එයාට මුදල් දුන්නෙත් ඒවා බලා‍පොරොත්තුවෙන් ‍නෙවෙයි. ඒත් එයා සමාජයට පෙන්වන චරිතය ‍නෙවෙයි අපේ ඉස්සරහ තියෙන්නේ.

ඇතැම් අය මේ සිදුවීමෙන් විවිධ කතා පතුරවනවා නේද?

ඇත්තටම උදාරිට ‍නෙවෙයි මටත් සැලොන් එකෙන් එළියට යන්න කීවා. ඒ වගේ සමහර වබේ අඩවි දාලා තිබුණා එයා මගෙන් සල්ලි, රත්රන් බඩු හොරකම් කළා කියලා. ඒ දේවල් නම් බොරු.

මේ ගැන අහන්න අපි අවස්ථා ගණනාවකම උදාරිව සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඒ සඳහා ඇය ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.

එයා මගේ මීට අවුරුදු පහකට කලින් යාළුවෙක් වෙලා හිටපු කෙනෙක්. කෙනෙක් කියපු දෙයක් අහලයි ඔය විදිහට හැසිරෙන්නේ. නමුත් එදා එයා මට බැණලා ගියා. ඒවාට මම ප්‍රතිචාර නොදක්වපු නිසයි එයා පියුමිත් එක්ක එකතුවෙලා ඔය ගොසිප් යවලා තියෙන්නේ. ඊට වඩා මට කියන්න දෙයක් නැහැ. ඒ අය ගැන මට හරි දුකයි.

තිළිණි කරුණාරත්න

No comments:

Post a Comment

Bottom Ad [Post Page]