Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සිදූ නිසා තවමත් බැනුම් අහන ; කාවින්ද්‍යා.

සිදූ නිසා තවමත් බැනුම් අහන ; කාවින්ද්‍යා.

කාවින්ද්‍යා දුල්ෂානි “සිදූ” ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය හරහා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් රංගන ශිල්පිනියකි. මේ දිනවල සියත නාලිකාවෙන් වෙත විකාශනය වන ‘සඳ එළිය’ ටෙලිනාට්‍ය හරහාද අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගැනීමටද ඇය සමත්වී සිටී. 

සඳ එළිය ටෙලිනාට්‍යයේ නිර්මලිගේ චරිතයේ ගැන අපි මුලින්ම කතාබහ කරමු? 

නිර්මලී කියන්නේ හරිම අහිංසක, දුප්පත් යුවතියක්. ඒ වගේම නිර්මලී තම සහෝදර සහෝදරියන්ට  උගන්වන්න බොහෝ වෙහෙසට පත්වෙන නිහතමානී සහෝදරියක්. 
නිර්මලී කියන්නේ මගේ රංගන ජීවිතයේ මම අහිංසක චරිතයක් රඟපාන පළමුවැනි අවස්ථාව. මගේ සැබෑ ජිවිතයට වඩා හාත්පසින් වෙනස්ම චරිතයක් වු නිසා. නිර්මලී මට ටිකක් අභියෝගාත්මක චරිතයක් වුණා. ඒත් ටෙලි කණ්ඩායමෙන් ලැබුණ උපරිම සහයෝගය නිසාම මට ඒ අභියෝගය සාර්ථකව ජයගන්න පුළුවන් වුණා. ඉතාම හොඳ ප්‍රතිචාර මේ දිනවල මට ඒ චරිතය වෙනුවෙන් ලැබෙනවා. 

නිර්මලී කාවින්ද්‍යාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් වෙන්නේ් මොන විදිහටද ? 

නිර්මලී  කියන්නේ ගොඩාක් අහිංසක යුවතියක්.  මම නම් ඒ තරම් අහිංසක නැහැ. ඒත් නිර්මලී වගේම මාත් මගේ පවුලට පණ වගේ ආදරේ කරන බව වම කියන්නම ඕනෑ. 

කාවින්ද්‍යාගේ ඉදිරි කලා කටයුතු පෙළගැහෙන්නේ මොන විදිහටද? 

රංගන ශිල්පිනියක් විදිහට මාව ජනතාව අතරට ගෙන ගිය සිඳු ටෙලිනාට්‍යය මේ දිනවල විකාශනය වෙනවා. ගොඩාක් දෙනා මට දැන් කතා කරන්නේ උපාසක අක්කා කියලා. ඒ සිඳුහි අංජනාගේ චරිතය නිසා අංජනා නිසා මට බැනුම් අහන්න වුණ වාරත් අනන්තයි. තවමත් ඒ චරිතය නිසා මම බැනුම් අහනවා. ඊට අමතරව මේඝා, මුතුමලී, පැරීසියට යන පාර, නිසල සඳ කියන ටෙලි නාට්‍යය වලටත් ගොඩාක් ප්‍රතිචාර ලැබුණා. තව ආරාධනා කිහිපයකුත් ලැබුණා. ඉදිරියේදී ඒ නිර්මාණවලිනුත්  මාව දැකගන්නට පුළුවන්. 

අද හතු පිපෙනවා වගේ නළු නිළියෝ බිහිවෙනවා. ඒත් රැඳෙන්නේ අතළොස්සයි. නවක නිළියෝ විදිහට මේ තත්ත්වය ඔබ දකින්නේ මොන විදිහටද? 

අද ගොඩාක් අය ආවාට ඒ හැමෝම ක්ෂේත්‍රයේ නවතින්නේ නැහැ. අපම තමයි  හරියට අපේ  පාර හදාගන්න ඕනේ. රංගනය ගැන ඉගෙනගන්න ඕනේ. ඒ වගේම ප්‍රවීණයන්ට ගරු කරන්නත් ඕනේ. අපි හරියට දැනගෙන මේ රංගනය කියන පාරේ ගියොත් අපිට අතර මගදී නවතින්න වෙන්නේ නැහැ. 

[සමන්මලී නැලිගම]

No comments:

Post a Comment

Bottom Ad [Post Page]