රාජගිරිය, බණ්ඩාරනායකපුර, පොල්වත්ත ප්‍රදේශයේ අද පවුල් ගණනාවකම ස්වාමි පුරුෂයන් මත්කුඩු භාවිතයට ඇබ්බැහිවෙලා. තමන්ගේ සැමියා මත්ද්‍රව්‍ය සමග අල්ලගෙන ගියාම ඒ අයව නිදහස් කරන්න වැලිකඩ පොලිසියේ ඇතැම් පහළ නිලධාරීන් ලිංගික අල්ලස් ඉල්ලනවා කියලා ඒ බිරින්දැවරුත් මා සමග පැවසුවා.” යෑයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිනී හර්ෂණී සඳරුවනි මහත්මිය පසුගිය 7 වැනිදා පැවැති නගර සභා මාසික රැස්වීමේදී පැවසුවාය.
තවත් ඇතැම් ඉහළ නිලධාරීන් මත්කුඩු තිප්පොලවල් වැටලීම් නොකර සිටීම සඳහා පිටි පැකට්ටු පවා අල්ලස් වශයෙන් ලබාගන්නා බව එම ප්‍රදේශවාසීන් පැවසුවේ යෑයි ඇය කියා සිටියාය.
මෙහිදී තවදුරටත් කතා කළ නාගරික මන්ත්‍රීවරිය මෙසේද කියා සිටියාය.
"මමයි, තවත් කීපදෙනකුයි බණ්ඩාරනායකපුර, පොල්වත්ත ප්‍රදේශයේ පවුල් 50 ක් අරගෙන සමීක්ෂණයක් කළා. ඒ පවුල් පනහෙම ස්වාමිපුරුෂයන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා. මත්කුඩුවලට ඇබ්බැහි වුණු ඒ ස්වාමිපුරුෂයන්ගේ පහරකෑම්වලටත් එම බිරින්දෑවරුන් නිතරම ලක්වෙනවා. ඔවුන් පුදුම දුක්ත ජීවිත ගතකරන්නේ. ඒ ප්‍රදේශවල මත්කුඩු විකුණන ස්ථාන වැලිකඩ පොලිසිය අල්ලන්නේ නැහැ. වැලිකඩ පොලිසිය දූෂිතයි. ඒ නිසා එම ප්‍රදේශවාසීන් කියන්නේ මේ ස්ථාන වටලන්න වෙනත් පොලිසියකට භාරදෙන්න කියලයි."
එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතාගෙන් විමසා සිටියෙමු.
"ඔය ලිංගික අල්ලස්, පිටි පැකට්ටු අල්ලස් වශයෙන් ගන්න නිලධාරීන් කවුද කියලා අපිට තොරතුරු දෙන්න. නීති විරෝධී වැඩ කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නවා. එහෙම නැතුව ප්‍රසිද්ධියේ නගර සභාවේ කියන එක නොවෙයි හරි දේ. කාලයක ඉඳන් මේ ප්‍රදේශය මත්ද්‍රව්‍යවලට ප්‍රසිද්ධයි. මගේ සේවා කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් ගොඩක් දුරට පාලනය කරලයි තියෙන්නේ. ගණිකා නිවාස වැටලීම්, නීති විරෝධී මත්පැන් වැටලීම්, මත්කුඩු වැටලීම් වැඩි වශයෙන් කරලයි තියෙන්නේ. දැන් ජයවර්ධනපුර උද්ඝෝෂණ, පාර්ලිමේන්තු වටරවුමේ රථවාහන පාලනය, අපරාධ මර්දනය කරන අතරතුරේ තමයි අපි මත්ද්‍රව්‍ය වැටලීම් කරන්නේ. බණ්ඩාරනායකපුර, පොල්වත්ත ප්‍රදේශයේ තත්ත්වය ගැනත් මා සොයා බලනවා."

No comments:
Post a Comment