Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

'හංකිති දහතුන'ත් අරගෙන වසර 20කට පසු යළි ඇවිදින්.

'හංකිති දහතුන'ත් අරගෙන වසර 20කට පසු යළි ඇවිදින්.

වේදිකාවේ නිහඬව සිටි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් සම්මානනීය කලාකරුවෙක් නැවතත් වේදිකාවට දැවැන්ත වේදිකා නාට්‍යයක් සමඟ ගොඩ වැ‍ෙදන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඔහු ප්‍රවීණ අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි. 'හංකිති දහතුන'ත් අරගෙන විසි වසරකට පසු නැවත වේදිකාවට ගොඩ වෙන්න හිතුවේ ඇයි කියලා අපි ඔහුගෙන්ම විමසා බැලුවා.

' මගේ ආරම්භය සිදු වුණෙත් වේදිකා නාට්‍යකරුවෙක් ලෙසයි. වේදිකාව මගේ කලා ජීවිතයේ ජන්ම භූමිය කිව්වොත් එය නිවැරැදියි. පසුව මගේ 'දඬුබස්නාමානය ' වැනි ටෙලි නාට්‍ය නිර්මාණයන් නිසා ටෙලි නාට්‍ය, චිත්‍රපට වෙනුවෙන් මට වෙහෙසෙන්න සිදු වුණා. අවසන් වරට එම වේදිකා නාට්‍යයක් කළේ මීට අවුරුදු 20කට කලින්.

නමුත් වේදිකා නාට්‍යයක් කළ යුතුයි කියන අදහස මගේ සිතේ තිබුණා. එය ප්‍රකාශ කිරීම සඳහා මගේ සිතට අදහසක් නොතිබුණ නිසා එය කල් ගත වුණා. නමුත් පසු ගිය දිනෙක මගේ හිතේ තෙරපුණු අදහසක්, නිර්මාණයක් ලෙස ලියැවුණා. එය වඩාත් සුදුසු වේදිකාවට කියලා හතුණා. මේ සඳහා කැපවුණු ප්‍රවීණ නළුනිළි පිරිසක් දායක වෙනවා. මෙය තරමක් අසීරු වේදිකා නාට්‍යයක්. එනිසා මාස කිහිපයකම පුහුණුව අවශ්‍යයි. අගෝස්තු මාසයේ මේ නාට්‍යය රසිකයන් වෙනුවෙන් රඟදක්වන්න අපි සුදානම්.'

No comments:

Post a Comment

Bottom Ad [Post Page]