Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

රිතීක් හා කංගනාගේ ඡායාරූපයක් කරලියට.

රිතීක් හා කංගනාගේ ඡායාරූපයක් කරලියට.

බොලිවුඩයේ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන නළු නිළි යුවළක් වන්නේ රිතීක් රොෂාන් හා කංගනා රනොල්ට්ය. ඒ කංගනා විසින් රිතීක්ව මානසික පීඩාවට ලක්කරමින් මාස හයක් ඇතුළත ඇය එවූ බව කියන දහස් සංඛ්‍යාත විද්‍යුත් තැපැල් පණිවුඩ හේතුවෙනි. මේ හේතුවෙන් ඇයට එරෙහිව රිතීක් නීති මගටද පිවිසියේය. කෙසේ වෙතත් කංගනාගේ නීතිඥයන් විසින් ඇය විසින් විද්‍යුත් තැපැල් පණිවුඩ යොමු කළ බවට වූ වාර්තා ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

කංගනා ඒක පාර්ශ්වීයව රීතීක්ට පෙම්කළ බව ඔහුගේ පාර්ශ්වයෙන් චෝදනා කරන ලදී. කෙසේ වෙතත් මේ වන විට කංගනාව රිතීක් විසින් සිපගන්නා ඡුායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත වෙයි. ක‍්‍රිස් 3 චිත‍්‍රපටය ප‍්‍රචාරයවීමට මත්තෙන් අර්ජුන් රාම්පාල්ගේ නිවසේ පැවැති සාදයකදී මෙම ඡුායාරූපය ගෙන තිබූ බවට වාර්තා පළවෙයි. ඒ අනුව කවුරුන් සත්‍ය පවසන්නේදැයි රිතීක්ගේ මෙන්ම කංගනාගේ රසිකයෝ උභතෝකෝටික ප‍්‍රශ්නයකට මුහුණ පා සිටිති.

වීඩියෝව මෙතනින්>>>

No comments:

Post a Comment

Bottom Ad [Post Page]