Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

උපත් පාලන 'වෙළඳ දැන්වීම් තහනම්'

උපත් පාලන 'වෙළඳ දැන්වීම් තහනම්'

උපත් පාලන සහ පවුල් සැලසුම් සඳහා යොදා ගනු ලබන නිෂ්පාදන සම්බන්ධයෙන් වන සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රචාරණ දැන්වීම් තහනම් කිරීමට පාකිස්තාන බලධාරීහු කටයුතු කරති.

එවැනි දැන්වීම් හරහා දරුවන්ගේ කුතුහලය ඇවිස්සෙන බවට ලැබුණු පැමිණිලි මත ඉහත කී තීන්දුව ගත් බව එරට රූපවාහිනී සහ ගුවන් විදුලි නියාමන අධිකාරිය නිවේදනය කළේය.

ඒ අනුව උපත් පාලන සහ පවුල් සැලසුම් සඳහා යොදා ගනු ලබන නිෂ්පාදන සම්බන්ධ සියලු දැන්වීම් විකාශය කිරීම වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස මාධ්‍ය ආයතන වෙත දන්වා තිබේ.

එක් කොන්ඩම් වර්ගයක් වෙනුවෙන් ප්‍රචාරණය කරන ලද වෙළඳ දැන්වීමක් සදාචාර සම්පන්න නොවන බව පවසමින් පසුගිය වසරේදී තහනම් කෙරිණ.

කෙසේ නමුත් සමාජීය වශයෙන් ගතානුගතික රටක් වන පාකිස්තානය තුළ උපත් පාලන ඖෂධ සම්බන්ධ වෙළඳ දැන්වීම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ දුර්ලභ වශයෙනි.

ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රටවල් අතර පාකිස්තානය හය වන ස්ථානයේ පසු වේ.

පාකිස්තාන ජනගහනයෙන් තුනෙන් එකකට උපත් පාලන පහසුකම් නොමැති බව එක්සත් ජාතීන් පවසයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]