දිනපතා පෙම්සුව විඳීම සඳහා සිය ගණනක් පෙම්වතුන් වැටකෙයියා පඳුරු සහිත කොළඹ වැල්ලවත්ත මුහුදු තීරයට පැමිණෙනවා.
එහෙත් පෙම්වතුන් නොදන්නා කරණය වන්නේ ඔවුන් මෙම පඳුරු තුළට පැමිණෙන තෙක් සංවිධානාත්මක පිරිසක් තමන් දෙස ඇස ගසාගෙන සිටින බවයි. සූක්ෂමව මෙම වැටකෙයියා පඳුරු තුළට ඇතුල්වන ඔවුන් පෙම්වතුන් දෙස බලා තම විකෘති ආශාවන් සංතර්පනය කර ගන්නවා.
තවත් පිරිසක් ජංගම දුරකථනයෙන් පෙම්සුව විඳිනා දර්ශන පටිගත කරනා බවත් පෙම්වතුන් සතු වටිනාදෑ සොරාගෙන පලායන බවත් අප කළ ගවේෂණයේදී හෙළිවුණා.
මේ සියල්ල සිදුවන්නේ සංවිධානාත්මකවයි.
එලෙස පැමිණි පුද්ගලයෙකු හොර රහසේ පඳුරක් තුළ සැඟවීමට උත්සහ ගත් අවස්ථාවකදී අප ඒ පිළිබඳව ප්‍රශ්න කර සිටියේ මෙලෙසින්.
-Hiru TV



No comments:
Post a Comment