Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

හඳගමගේ චිත්‍රපයේ නිරුවතින් ඉන්නේ මම නෙවෙයි - රිතිකා. :Video

හඳගමගේ චිත්‍රපයේ නිරුවතින් ඉන්නේ මම නෙවෙයි - රිතිකා. :Video

අශෝක හඳගම ගේ නවතම සිනමා නිර්මාණය වන 'ඇගේ ඇස අග' (Let Her Cry) හි නිරුවත් දර්ශනවල සිටින්නේ තමා නොවන බව එහි ප්‍රධාන නිළිය වන රිතිකා කොඩිතුවක්කු කියයි.

නිරුවත් දර්ශනවලට පෙනී සිටීම අභියෝගයක් නොවුණේදැයි ඇගෙන් සතිඅන්ත පුවත්පතක මාධ්‍යවේදියකු සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ඇය කියා සිටින්නේ “ ඔබ තිරයේ දකින්නේ චිත්‍රපටයක චරිතයක් මිසක් මම නෙවෙයි” යැයි ඇය කියා සිටී.

කෙසේවුවද, තමාද කියා සිතා ගැනීමට නොහැකි තරමටම ඒ චරිතය තමාගෙන් බොහෝ දුරස් එකක් බවට පත්වී ඇති බවද ඇය පවසන්නීය.

එසේම රිතිකා කියා සිටින්නේ නිරුවත්වීම අභියෝගයක් ලෙස ප්‍රේක්ෂකයන් දුටුවද, එය රූගත කිරීමේදී අපහසුතාවක් නොවුණ බවයි. රූගත කිරීම් ඉතා පරිස්සමට සැලැසුම්කර තිබූ බවද ඇය කියා සිටින්නීය.

ඇය කියා සිටින්නේ තමාගේ රංගනය දුටුවේද පසුගියදා තංරගනී සිනමා ශාලාවේ පැවැති 'ඇගේ ඇස අග' (Let Her Cry) මාධ්‍ය දර්ශනය දා බවයි.

මෝස්තර නිරූපිකාවක් ද වන ඈ මේවන විට එම ආහාවෙන් මිදී ඇතැයිද කියා සිටින්නීය.

රිතිකා අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ තමා ජීවිතය සැලැසුම් කළ තැනැත්තියක් නොවන බවත්, වැරදුණ තැන් බොහොමයක් ඇති බවත්, ඒ ගැන දැන් දුක් නොවන්නේ සතුටුවන්නට ඕනෑ තරම් දේ මේවන විට ඇති බැවින් යැයිද ඇය සඳහන් කර ඇත.


මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙන් අධ්‍යාපනය ලද රිතිකා පවුලේ වැඩිමලා වන අතර ඇයට බාල සහෝදරියක් හා සහෝදරයෙක් සිටිති.

https://youtu.be/mDA_qOmNJF4


No comments:

Post a Comment

Bottom Ad [Post Page]