Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

රුක්ෂානා පැදවූ වාහනය අධිවේගී මාර්ගයේ දී අනතුරකට ලක්වේ.

රුක්ෂානා පැදවූ වාහනය අධිවේගී මාර්ගයේ දී අනතුරකට ලක්වේ.

නව පරපුරේ රංගන ශිල්පිනියක් වන  රුක්ෂානා දිසානායක අනතුරකට මුහුණදී ඇති පුවතක් වාර්තා වනවා. 

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රවේශයේදී මේ අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. 

පිටුපසින් පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව රුක්ෂානාගේ රථයේ ගැටී ඇති අතර රුක්ෂානාගේ රථය ආරක්ෂිත වැටක ගැටී තිබෙනවා. 

ආරක්ෂිත යකඩ වැටට හානිවීම හේතුවෙන් රුක්ෂානාට මාර්ග සංවර්ධන අධිකාරියට දඩ මුදලක් ගෙවීමට ද සිදුව ඇති අතර ඇය පවසා ඇත්තේ "ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ" වැනි දෙයක් තමන්ට සිදුවූ බවයි.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]