Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සනී ලියෝන් සරාගී පොතක් ලියලා.

සනී ලියෝන් සරාගී පොතක් ලියලා.

නිල් චිත්‍රපට හා එක්ව සිට මේ වනවිට ජනප්‍රිය බොලිවුඩ් තරුවක් බවට පත්ව සිටින සනී ලියෝන් තවත් අලුත් වැඩකට අතගසා ඇති බව වාර්තා වේ.

ඒ සරාගී කතන්තදර රචනා කිරීමයි.

ඇය විසින් රචනා කරන ලද සරාගී කතන්දර 12ක් සහිත පොතක් දිල්ලි නුවර පිහිටා ඇති ප්‍රකාශන සමාගමක් වන Juggernaut විසින් ඊ බුක් එකක් ලෙස පසුගිය මාසයේ අන්තර්ජාලයට එක් කර තිබේ.

ස්මාට් ජංගම දුරකතනය හරහා කියවිය හැකි එම පොත 'ස්වීට් ඩ්‍රීම්ස්' ලෙස නම් කර තිබේ.

කෙටි කතා එකතුවක මුල්කෘතිය ස්මාට් ජංගම දුරකතන හරහා කියවිය හැකි අයුරින් ඉන්දියාව තුල නිකුත් කර ඇති පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

මීට පෙර කිසිවක් රචනා කර නැති නමුත් ප්‍රකාශකයින් විසින් කරන ලද ආරාධනාව අභියෝගයක් ලෙස බාරගත් බව බීබීසී පුවත් සේවය හා එක්වෙමින් සනී පවසා තිබේ.

පළමු කතන්දරය ලිවීමට ඇයට මාසයක පමණ කාලයක් ගතවූ බවද ඇය පවසා ඇත.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]