Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ළමා නිවාස අධ්‍යක්ෂගේ නොහොබිනා වැඩ ගැහැණු ළමුන් හෙළි කරයි.

ළමා නිවාස අධ්‍යක්ෂගේ නොහොබිනා වැඩ ගැහැණු ළමුන් හෙළි කරයි.

ළමා නිවාසයක සිටි කුඩා ළමුන් අපයෝජනය කිරීමේ චෝදනා මත නවදිල්ලි නුවර ළමා නිවාසයක අධ්‍යක්ෂවරයකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම ළමා නිවාසයේ රඳවා සිටින කුඩා ගැහැණු ළමුන් අපයෝජනය කිරීම සැකකරුට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවයි. 

45 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය 3 වනදා අදාළ ළමා නිවාසයෙන් පළවාහැර ඇත්තේ අපයෝජනයට ලක්වු ගැහැණු ළමුන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම හේතුවෙන්. 

ඒ ඉන්දියාවේ කාන්තා සහ ළමා සුබසාධන කටයුතු අමාත්‍යවරයා එම ළමා නිවාසයේ සංචාරයක නිරතවු අවස්ථාවේදීයි. 

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙසට ද අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

අපයෝජනය කරන දැරියන් සමග මෙම සැකකරු සෙල්ෆි ඡායාරූප ද ගෙන ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ. 

සැකකරුගේ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති අතර එහි ඡායාරූප ද පරීක්ෂණවලට යොදාගන්නා බව පොලිසිය ප්‍රකාශකර තිබෙනවා. 

අත්අඩංගුවට පත් සැකකරු 2015 වසරේ සිට මෙම ළමා නිවාසයේ සේවය කරන බව සඳහන්. 

ඔහු මීට පෙර තවත් ළමා නිවාසයක සේවය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]