Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සාලාව පිපිරීම මහින්ද වීඩියෝ කරලා.

සාලාව පිපිරීම මහින්ද වීඩියෝ කරලා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජංගම දුරකථනයෙන් සාලාව අවි ගබඩාව පුපුරා ගිය අවස්ථාව වීඩියෝකර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සැකවින් මෙසේය.

කොස්ගම සාලාව අවි ගබඩාව පුපුරාගිය පසුගිය පස්වැනිදා කොළඹ ආශා සෙන්ට්‍රල් රෝහලේ රෝගාතුරව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දවුල්දෙන ඥානසාර හිමියන්ගේ සුවදුක් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ.

හිටපු ජනපතිවරයා සමඟ මේ ගමනට හිටපු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනද එක්ව ඇත.

දවුල්දෙන නාහිමිගේ සුවදුක් විමසූ මහින්ද, ඉන්පසුව එම රෝහලේම උඩුමහලක ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා බැලීමටද ගොස් ඇත.

හිටපු ජනපතිවරයා සාලින්දගේ සුවදුක් විමසමින් සිටියදී එම කාමරයේ ජනේලයෙන් අවට සිරි නරඹා තිබේ.

එහිදී ඈත තැනකින් නැගෙන දුම්රොටු හා එළි කිහිපයක් දුටු හිටපු ජනපතිවරයා “මේ වෙලාවේ කවුද මල්වෙඩි ගහන්නේ” යැයි විමසමින් එම ගිනි පුපුරු හා දුම් රොටු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇත.

හිටපු ජනපතිවරයා සමඟ මේ ගමනට එක්වූ උදිත් ලොකුබණ්ඩාර හා බන්දුල ගුණවර්ධනද මේ සිද්ධිය සිය ජංගම දුරකථනවලින් වීඩියෝකර තිබේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]