Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ජනප‍්‍රිය හින්දි නිලියකගේ ජාවාරමට ශ‍්‍රී ලාංකිකයනුත් හවුල්?

ජනප‍්‍රිය හින්දි නිලියකගේ ජාවාරමට ශ‍්‍රී ලාංකිකයනුත් හවුල්?

80 සහ 90 දශකවල ජනප‍්‍රියත්වයට පත්ව සිටි සුරූපී නිළි මම්තා කුල්කාර්නි අද ජීවිතය ගත කරන අයුරු දැක්වුණු ආරංචි කිහිපයක් පසුගිය සති කිහිපයක මේ පිටුවේ සටහන් වුණා.

ඇය මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවයි ඉන්දීය පොලීසිය පවසන්නේ. මේ වන විට ඇයත්, ඇගේ සැමියා යැයි පැවසෙන විකී ගොස්වාමිත් පොලීසියට හසු නොවී කෙන්යාවට පලා ගොස් හොර රහසේ ජීවත්වන බවයි පැවසෙන්නේ. විකී ගොස්වාමි සහ මම්තා, මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවල යෙදී සිටින බවට චෝදනා ලබා සිටිනවා.

ඉන්දීය පොලීසිය මීට සති කිහිපයකට කලින් මම්තාට අයත් යැයි සැක කෙරෙන ගොඩනැඟිල්ලක් ද පරීක්ෂා කළා. පොලීසියේ මේ පරීක්ෂා කිරීම් නතර වී නැහැ. පසුගිය දා ආරංචි වුණේ පකිස්තානු සහ ශ‍්‍රී ලාංකික ජාතිකයන් කිහිප දෙනකු මම්තා සහ විකී ගොස්වාමිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දැයි යන්න ඉන්දීය පොලීසිය පරීක්ෂණ පවත්වන බවයි.

මම්තා සහ ගොස්වාමිගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු හෙළි වුණේ ඉන්දීය පොලීසිය මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ එක්තරා සමාගමක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ටොන් 18.5ක් සොයා ගැනීමත් සමඟමයි. මෙහි වටිනාකම ඉන්දීය රු. කෝටි 2000 ක්ලූ‍!

No comments:

Post a Comment

Bottom Ad [Post Page]