Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

“මම ඇඳුම් මාරු කරන වීඩියෝව අන්තර්ජාලයට ගියා නම් ” - සු‍ලේඛා කියන කතාව.

“මම ඇඳුම් මාරු කරන වීඩියෝව අන්තර්ජාලයට ගියා නම් ” - සු‍ලේඛා කියන කතාව.

ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් වන සු‍ලේඛා ජයවර්ධන පසුගියදා ඇඳුම් වෙළඳසැලක දී මුහුණ දුන් සිදුවීම ඔබට මතක ඇති.

ඇඳුම් මාරු කරන විට වෙළඳ සැලේ සේවකයෙක් එය කැමරා කිරීම සම්බන්ධයෙන් සු‍ලේඛා පුවත්පතකට ප්‍රකාශයක් කර තිබෙනවා.

එය පහතින් කියවිය හැකියි.

පොලිසියෙන් සු‍ලේඛාට සාධාරණයක් ඉෂ්ට වුණාද?

ඔව්. බඩුත් එක්කම හොරු අතටම අල්ලලා දුන්නාම මට සාධාරණ විසඳුමක් නොදී බැහැනේ. මම හිතුවේ ඒ මිනිහාව සතියක් විතර රිමාන්ඩ් කරලා තියාවි කියලයි. ඒත් සතියක් ‍නෙවෙයි මාසයක්ම ඒ මනුස්සයා හිර කරලා තිබුණා.

වැරදිකාරයා සමාව ඉල්ලන්න ආවේ නැද්ද?

මොන සමාව ඉල්ලීමක්ද? මගෙන් එයා සමාව ඉල්ලන්න ආවා නම් ඉතුරු හරිය මම බලාගන්නවා.

ගෙදර අය මොකද කියන්නේ?

එයාලා මගේ ගැන හුඟක් බයවෙලා. මට ආදරේ කරන මගේ හිතවත් අයත් මගේ ගැන ගොඩක් බයවෙලා. ඒ වගේම මේ සිද්ධියට ජාතිභේදය සම්බන්ධ කරලා කට්ටිය තැන් තැන්වල කතා වෙනවාත් මම දැක්කා. ඒත් මේක ජාතිභේදය සම්බන්ධ ප්‍රශ්නයක් ‍නෙවෙයි කියලයි මම කියන්නේ. මේක මානසික ආබාධයක් තියෙන මිනිහෙක් ගැන කතාවක් විතරයි.

දැන් මොකද හිතෙන්නේ?

ගෑනු ළමයෙක් වෙලා ඉපදුණාම හරියට ප්‍රවේශම් වෙන්න ඕන. ෆිටෝන් රූම් එකක ඇහැට නොපෙනෙන තරම් පුංචි කැමරා පවා තියෙන්න පුළුවන්. මම දෙවියෝ විශ්වාස කරන නිසා දෙවියෝ මාව බේරාගත්තා.මොකද මම ඇඳුම් මාරු කරන ඒ වීඩියෝව රහසින්ම අන්තර්ජාලයට ගියා නම් මගේ මුළු ජීවිතයම ඉවරයිනේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]