Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

දියණියගේ බිකිණි ඡායාරූපයක් නිසා ශාරුක් දුකින්.....

දියණියගේ බිකිණි ඡායාරූපයක් නිසා ශාරුක් දුකින්.....

ජනප්‍රිය නලු ශාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් බිකිණියකින් සැරසී සිටින ඡයාරූපයක් පසුගිය මාර්තු මාසයේ ඉන්දීය වෙබ් අඩවි හා සමාජ මාධ්‍යයන් තුළ විශාල වශයෙන් කතා බහට ලක් වුණා.
පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් ශාරුක්ගෙන් මේ පිළිබඳව විමසා සිටියා.

”මගේ දුව බිකිනියකින් සැරසි ඉන්න ඡායාරූප අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක පලවී තිබෙනවා මම දැක්කා.

ඇය තාමත් කුඩා දරුවෙක්. තවමත් ඇයට අවුරුදු 16ක් පිරුණා විතරයි.

අනික ඇය එම ඡායාරූපයේ පෙනී හිටියේ ඇයගේ කුඩා සහෝදරයා සමග.

එසේ තිබියදී පහත් වින්දනයක් අපේක්ෂාවෙන් මෙම ඡායාරූපය පළ කිරීම පිළිබඳ මා ඉතා කණගාටු වනවා.

ගැහැණු දරුවෙක් බිකිනියකින් පෙනී ඉන්න ඡායාරූප අන්තර්ජාලයේ හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක පළ කළා කියලා මම එහි ගැටලුවක් දකින්නේ නැහැ.

නමුත්, මට තිබෙන ප්‍රශ්නය තමයි මෙම ඡායාරූප පළ කිරීම නිසා තවකෙකු අපහසුතාවට පත් වෙනවා කියන එක ගැන මීට වඩා හිතන්න අවශ්‍යයි කියලා.

කරුණාකරලා මගේ දියණිය ඉන්න ඒ ඡායාරූපය ඉවත් කරන්න කියලා හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

'නෙත් fm  GOSSIP ' වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]