Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

කිෂානිගේ තිසර පටයේ ‘සයිස් එක අහපු කෙනා’ ට වෙච්චි දේ.

කිෂානිගේ තිසර පටයේ ‘සයිස් එක අහපු කෙනා’ ට වෙච්චි දේ.

කිෂානි අලංකි මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකටම සම්බන්ධවී සිටිනවා.

බොහෝ රංගන ශිල්පිණියන් තම අධ්‍යාපන අතර මැද නවතා දැම්මත් ඇය එසේ නොවෙයි.

නීති උපාධිය ලබාගෙන අවසන් කර ඇති කිෂානි අලංකි මානව හිමිකම් සම්බන්ධව කටයුතු කරන්න වඩාත් කැමැත්තක් පළ කර තිබෙනවා.

ඇය පසුගිය දා Instagram ප්‍රශ්නයකට මැදිවුණා.මේ ප්‍රශ්නය ගැන කිෂානි අලංකිගෙන් පුවත්පතක් විමසා සිටි අවස්ථාවක දී ඇය ලබාදී තිබුණේ මෙවැනි පිළිතුරක්.

“ඇත්තටම මේ ප්‍රශ්නය ඇති කරපු කෙනා fake account එකකින් පෙනී සිටින කෙනෙක්‌. මං ඉතාම සාමාන්‍ය විදිහට ඇඳුම් ඇඳලා ගත්තු මගේ photo එකකට අසැබි විදිහට comment කරලා තිබුණා. මං එච්චර ඔය වගේ දේවල් ගණන් ගන්නේ නෑ, මග ඇරලා ඉන්නවා. ඒත් මට අනිත් අතට හිතුනා මේ පුද්ගලයා මේ දේම තව ගෑනු ළමයකුට කරයිනේ කියලා. මං ඒ කෙනාට කිව්වා කරුණාකරලා මගේ account එකෙන් අයින් වෙන්න, මේ වගේ වැරදි වැඩ කරන්න එපා කියලා.පස්‌සේ ඒ පුද්ගලයා කිව්වා ‘මට සමාවෙන්න කියලා’.

කොහොමත් ඉදිරියේදී සමාජ ජාල වෙබ් අඩවි භාවිතයන්ට අදාළව නීතිරීති සකස්‌ වෙනවා. එතකොට මෙවැනි සිද්ධීන් report කිරීමේ හැකියාව ඇතිවෙනවා සහ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීම සීමා වේවි. ඒක අද කාලීන අවශ්‍යතාවක්‌. මොකද අද social media භාවිත නොකරන කෙනෙක්‌ නැති තරම්.” යැයි ඇය මේ පිළිබඳව සඳහන් කර තිබුණා.



No comments:

Post a Comment

Bottom Ad [Post Page]