Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

විජය නන්දසිරිගේ මරණය ගැන බිරිඳ දේවිකා මිහිරානි දුන් සාක්‍ෂිය.

විජය නන්දසිරිගේ මරණය ගැන බිරිඳ දේවිකා මිහිරානි දුන් සාක්‍ෂිය.

"මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මම විජය... විජය... කියලා ඔහුට කතා කළත් ඔහු කතා කළේ නැහැ. විජය මගේ මූණ දිහා බලලා ඇස්‌ දෙක පියා ගත්තා..."

ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (8 වැනිදා) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි දුන් බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණී දේවිකා මිහිරානි මහත්මිය (60) එසේ පැවසුවාය.

ගල්කිස්‌ස, ටෙම්පල්ස්‌ පාරේ, කලාපුර, අංක 156/01 දරන නිවසේ පදිංචිව සිටි ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා මිය යන විට 69 හැවිරිදි වියේ පසුවිය.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල මාරසිංහ මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්‍ෂි දුන් ප්‍රවීණ රංගන ශිල්පිනී දේවිකා මිහිරානි මහත්මිය මෙසේ ද කීවාය.

මියගොස්‌ සිටින්නේ මගේ සැමියා. විවාහයෙන් අපට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. මහත්තයා දැනට අවුරුදු 25 ක කාලයක ඉඳලා දියවැඩියා රෝගයෙන් පෙළුණා. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. 2000 වසරේදී විජයට බයිපාස්‌ සැත්කමකුත් කළා. අද (08 වැනිදා) උදේ විජය කිරිබත් හදලා දෙන්න කිව්වා. ඒ අනුව මම කිරිබත් හදලා ඉවරවෙලා බාත් රූම් එකට ගියා. ඒ වෙලාවේ විජය පපුව දැවිල්ලයි ඉක්‌මනට බෙහෙත් ස්‌ප්‍රේ එක ගේන්න කියලා කෑගහනවා ඇහුණා. පස්‌සේ පුතා බෙහෙත් ස්‌ප්‍රේ එක රැගෙන විත් විජයට දුන්නා. මමත් එතැනට ගියා. මගේ අත උඩට විජයගේ ඔළුව එකපාරටම කඩාගෙන වැටුණා. මං ඔහුට විජය... විජය... කියලා කතා කළත් ඔහු කතා කළේ නැහැ. මගේ මූණ දිහා බලාගෙන ඔහු දැස්‌ දෙක පියාගත්තා. පසුව මා ඉක්‌මනටම ගිලන් රථයක්‌ ගෙන්වා ගත්තා. පසුව නංගිලාත් එක්‌ක ගිලන් රථයෙන් විජය රෝහලට පිටත් කර හැරියා. මම මගේ පුතා සමඟ මෝටර් රථයෙන් කළුබෝවිල රෝහලට ගියා. රෝහලට ඇතුළත් කිරීමේදීත් විජය මියගොස්‌ ඇති බව වෛද්‍යවරුන් පැවසුවා."

කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. කේ. ආර්. සංජීව මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක විපුල මාරසිංහ මහතා මෙම මරණය හෘද රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් වූ ස්‌වාභාවික මරණයක්‌ බවට නිගමනය කළේය.

ගල්කිස්‌ස පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් සුමනකුමාර මහතා (42877) සාක්‍ෂි මෙහෙයවීය.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]