Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

කම්බි වැටෙන් පැනලා ගුවන් තොටුපොළට යන ගුවන් සේවිකාවෝ : Video

කම්බි වැටෙන් පැනලා ගුවන් තොටුපොළට යන ගුවන් සේවිකාවෝ : Video

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කපිතාන්වරයෙකු හා සිය කාර්ය මණ්ඩයට අපූරු සිදුවීමක් සිදුවෙලා තියෙනවා.

අදාළ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලය සිය ගුවන් ගමන ආරම්භ කිරීමට ගුවන් තොටුපොළ වෙත පිවිසීමේදී  ගුවන් තොටුපොළ ආශ්‍රිත ප්‍ර දේශයේ මාර්ග බාධක යොදා විරෝධතාකරුවන් පිරිසක් විසින් විරෝධතාවයක නියැලී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම පුද්ගලයින්ට ගුවන් තොටුපොළ වෙත පිවිසීමට නොහැකී වී තිබෙන අතර. ඔවුන් තීරණය කර ඇත්තේ සිය ගුවන් යානයේ ගුවන් ගමන කල් දමා  නැවතත් සිය හෝටලය වෙත යෑමටයි.

කෙසේ වෙතත් සිය රාජකාරිය උතුම් කාරිය ලෙස ලෙස සිතා සිය ගුවන්  යානයේ කපිතාන් වරයා විසින් අපුරු වැඩක් කරලා තියෙනවා.

ඔහු කර ඇත්තේ ගුවන් තොටුපොළ වෙත පිවිසෙන  නිසි මාර්ගය මග හැර කැලෑ මාර්ගයක් ඔස්සේ කටුකම්බි වැටවල් වලින් රිංගා සිය ගුවන් තොටුපොළ වෙත සිය කාර්ය මණ්ඩලයද රැගෙන යෑමයි.

මෙසේ එම අසීරුතා මැදින් ගිය ගමන අසළ සිටි පුද්ගලයෙක් විසින් වීඩියෝගත කර තිබෙනවා.

මෙම කපිතාන්වරයා ඇතුළු සිය කාර්ය මණ්ඩලය මෙසේ අකරතැබ්බයට මුහුණ දී ඇත්තේ ඉන්දියාවේ මදුරායි ගුවන් තොටුපොළේදීය.

මදුරායි ගුවන් තොටුපොළේ  සිට කොළඹ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් යානයෙන් මෙම පිරිස පැමිණිමට නියමිතව තිබී ඇත.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]