Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

'අහවල් වැඩේ' කළ සර් - Colombo Principal's Love Affair with a Teacher

'අහවල් වැඩේ' කළ සර් - Colombo Principal's Love Affair with a Teacher

විවාහක ගුරුවරියක රැගෙන ගිය බවට චෝදනා ලැබ සිටින මහානාම විදුහල්පති ප්‍රසන්න උපශාන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි බස්‌නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්‌ත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

සිය දරුවා ද සමඟ විදුහල්පතිවරයා හා ගොස්‌ සිටින ගුරුවරිය ද එම පාසලෙන් මාරු කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

දෙදරු පියකු වන මෙම විදුහල්පතිවරයාට එරෙහිව ගුරුවරියගේ සැමියා විසින් තලංගම පොලිසියට පැමිණිල්ලක්‌ ද කරනු ලැබ තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් එම සැමියා අධ්‍යාපන අමාත්‍යාංශය ද දැනුවත් කර තිබිණි.

මෙම විදුහල්පතිවරයා මීට පෙර අශෝක කණිෂ්ඨය, රාජකීය විදුහල ආදී විදුහල්වල ද සේවය කර තිබේ.

ලංකා ගුරු සේවා සංගමය මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදුහල්පති සහ ගුරුවරිය අතර අසම්මත ප්‍රේමය කලක සිටම පැවැති බවත් ඒ සම්බන්ධයෙන් විදුහලින් අධ්‍යාපන ලේකම් වරයාට පැමිණිලි කර තිබූ නමුත් ක්‍රියාමාර්ගයක් නොගත් බවත් පවසා තිබුණි. විදුහල්පති හා ගුරුවරිය යලි පාසැලට පැමිණ දරුවන්ට ලබා දෙන නරක පූර්වාදර්ශයට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසද ගුරු සේවා සංගමය අධ්‍යාපන ලේකම්වරයාට බල කර සිටියේය.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]