Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

අධිවේගයට රොබෝවරු එයි.

අධිවේගයට රොබෝවරු එයි.

අධිවේගී මාර්ගවල ආරක්ෂක කැමරාකරණය සඳහා පරිගණක දෘෂ්ටි සහ රොබෝ තාක්ෂණය උපයෝගී කොට ගෙන නවීන ආරක්ෂණ පද්ධතියක් නිපදවා ඇති බවට වාර්තා වේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ඇති ජාතික පර්යේෂණ සභාව මඟින් පර්යේෂණ සඳහා ප්‍රදානය කරනු ලබන ප්‍රතිපාදන වල සහයෝගය ඇතිව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සංදේශන ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක සාර්ථක ප්‍රතිඵල මත ඉහත කී ආරක්ෂක කැමරා පද්ධතියක් නිපදවා තිබේ.

මහාචාර්ය අජිත් පැස්කුවල් මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය රංග රුද්‍රිගූ සහ ආචාර්ය ජයතු සමරවික්‍රම යන මහත්වරු විසින් පර්යේෂණය මෙහෙයවා ඇති අතර ආරක්ෂණය සඳහා යම් වස්තුවක හෝ පුද්ගලයන්ගේ හැසිරීම් රටාවන් පරිගණක දෘෂ්ටි භාවිතයෙන් අධ්‍යයනය කිරීම මෙන්ම අධිවේගී මාර්ග කැමරාකරණය සඳහා පරිගණක දෘෂ්ටි භාවිතයෙන් දර්ශන පථ අධ්‍යයනය සඳහා පරිගණක සහ රොබෝ තාක්ෂණය යොදා ගනිමින් මෙම නිර්මාණය සිදු කර තිබේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]