Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මව විදෙස් ගතවූ පසු වසර 12 ක් තිස්සේ දියණිය අඹුව කරගත් නරුම තාත්තා.

මව විදෙස් ගතවූ පසු වසර 12 ක් තිස්සේ දියණිය අඹුව කරගත් නරුම තාත්තා.


වසර 12 ක් තිස්සේ 28 හැවිරිදි තම දියණිය දුෂණය කළ පියෙක් ඇතුළු සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම දියණිය ගැබ් ගෙන ඇති අතර ඉන් පසු ගබ්සා කිරීමට මැදිහත් වූ ඇගේ ඥාතිවරියකද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඇය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට මහේස්ත‍‍්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

දුෂණයට ලක්වූ දියණියගේ මව වසර 12 ක් තිස්සේ විදේශ ගතව ඇති බවත් අය වරින් වර ලංකාවට පැමිණ ආපසු විදේශ ගතවන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබේ.

මෙසේ දුෂණයට ලක්වූ දියණිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර පියා තාමව මුලින්ම දුෂණය කළ බවත් ඉන් පසු නිවසට පැමිණෙන පියාගේ මිතුරන් තමාව දිගින් දිගටම දුෂණය කල බවත් ප‍‍්‍ර‍කාශ කොට තිබේ.

කෙසේ වෙතත් මේ අතවරයන් නිසා ඇය කිහිප අවස්ථාවකදීම ගැබ් ගෙන ඇති බවත් පෙර කී ඥාතීවරියගේ මැදිහත්වීම මත ගබ්සා සිදු කළ බවත් පරීක්ෂණවලදී අණාවරණය වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

පියා ඇතුලූ අනෙක් පුද්ගලයින්ගෙන් සිදුවන ලිංගික කරදර දිගින් දිගටම ඉවසා ගත නොහැකි නිසා ඇය නිවසින් පලාවිත් නිකවැරටිය පොලිසියට පැමිණිලි මේ ගැන පැමිණිලි කර තිබෙනවා.

මෙම තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]