Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

4 වසරේ සිසුවියට ගුරුවරිය දුන් අමුතු දඬුවම.

4 වසරේ සිසුවියට ගුරුවරිය දුන් අමුතු දඬුවම.


ගාල්ලේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක කළ බව කියන වරදක් සම්බන්ධයෙන් එම පන්තියේ සෙසු සිසුවියන් 44 දෙනෙකු ලවා ඇයට ටොකු ඇන්න වූ ගුරුවරියක් පිළිබඳව ඊයේ (24) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුවේ දී අණාවරණය වී තිබේ.

ඊයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ළමා සංවාර්ධන කමිටුවේ දී ගාල්ල ස්ථානභාර පරිවාස නිළධාරිනී කේ. නානායක්කාර මහත්මිය මේ බව කියා සිටියා ය.

මෙම සිද්ධියෙන් පසුව එම දැරිය පාසැල් යාමට අකමැත්තක් දක්වා ඇති අතර "උඹ හොර පාටයි" යනුවෙන් පවසා සෙසු සිසුවියන් ලවා මෙම දැරියට ටොකු අන්නවා ඇතැයි වාර්තා වේ.

මෙම පාසැලට පුහුණුව සදහා පැමිණි විද්‍යාපීඨ ගුරුවරියක විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සඳහන් කළ පරිවාස නිළධාරිනිය මෙවැනි සිදුවීම් තුලින් දැඩි ලෙස දරුවන් මානසික පීඩනයට ලක්වන බවත් මෙවැනි තත්ත්වයන් වලක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් කියාසිටියා ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ  කේ. රාජපක්ෂ මහතා "ගුරුවරයා දරුවෙකුට දඬුවම් කරන්නේ ඔහු හෝ ඇය හදාගන්නයි. හැමදේටම බැනුම් අහන්නෙත්  දඬුවම් කරන්නෙත් වැඩ කරන ගුරුවරයා බව කිව යුතුයි. හැබැයි අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ආපු ගුරුවරයෙකු මෙහෙම කලා කීවම පුදුම හිතෙනවා. කොහොම උනත් ඒ පිළිබඳව සොයා බලන්න කටයුතු කරනවා. සොයා බලා ඒ ඒ අයට කරන්න ඕන ප්‍රතිකාර වර්ග ගොඩක් අපි ළඟ තියෙනවා" යනුවෙන් පැවසීය.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]