Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ගං වතුර බැහැපු නිවසට යන්න කලින් අනිවාර්යයෙන් කියවන්න, ඔයාල දන්න අයටත් කියන්න.

ගං වතුර බැහැපු නිවසට යන්න කලින් අනිවාර්යයෙන් කියවන්න, ඔයාල දන්න අයටත් කියන්න.

ගං වතුර ටිකෙන් ටික බැහැලා යන නිසා ආයෙත් නිවෙසට යන්න සූදානමින් ඉන්න අයට මේ උපදෙස්ටික හරි වැදගත් වෙයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේත් මේ සම්බන්ධයෙන් බොහෝ දැනුවත් කිරීම් කෙරෙනව.

සමහරවිට මේ ලිපිය කියවන ඔබට ගංවතුරෙන් උපද්‍ර‍වයක් නැතුව ඇති. හැබැයි ඔබ දන්න කියන එවැනි උදවිය ඇති. ඉන්න තත්ත්වය අනුව සමහරවිට ඒ අයට මේ උපදෙස්ටික කියවන්න පුළුවන්කමක් නැතුව ඇති. එවැනි අයටත් මේ ගැන කියන එක ඔබේ යුතුකමක්.   

1). නිවසට ගිය ගමන් විදුලි ස්වීච පාවිච්චි කිරීමට, ඇල්ලීමට හෝ පරීක්ෂා කිරීමට නොයන්න. ඒවායේ පරිපථ පද්ධති වල ජලය රැඳී තිබීමෙන් අනතුරු සිදුවිය හැක.

2). භූගත ජලය ටැංකි ආදිය තිබේනම් ඒවා පාවිච්චි කරන්න එපා. ඉතා හොඳින් පිරිසිදු කර නැවත පුරවන්න. 

3). ගං වතුරට හසු වූ ළිං වල ජලය පාවිච්චි කරන්න එපා. ඒවා හිස්කර නැවත පිරිසිදු ජලය ඉනූ පසු ක්ලෝරීන් යොදා පිරිසිදු කර පාවිච්චියට ගන්න. 

4). කුඩා දරුවන්ට ඉතිරිවී ඇති ගංවතුර ඇති ස්ථාන වලට බැස සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තුවාල තිබුණොත් ඒවායෙන් මී උණ වැනි භයානක රෝග වැළඳිය හැකියි. 

5). කුඩා දරුවන්, දියණියන් ආරක්ෂාවකින් තොරව කඳවුරු තුල තබා යෑමෙන්, නිවෙස්වල තනි කිරීමෙන් වලකින්න. ළමා හෝ කාන්තා අපයෝජනයන් ගැන වහාම 1929ට දැනුම් දෙන්න. නොදැක්කා සේ සිටීම අපයෝජනයන්ට සහය දැක්වීමකි. 

6). ඔබේ නිවස රක්ෂණය කර ඇත්නම් නිවස පිරිසිදු කිරීමට පෙර ඇතිවී ඇති තත්ත්වය ඡායාරූප ගත කරගන්න. රක්ෂණ නියෝජිතයා කැඳවා වන්දි (claim) ලබාගැනීමට වහාම ක්‍රියාත්මක වන ලෙස දන්වන්න. 

7). ඔබේ ප්‍රදේශයට වැසි රහිත වුවත් ගඟ ඉහළට වැසි වැටිය හැකි බැවින් අවධානයෙන් සිටින්න. 

8). නායයෑම් සිදුවන ප්‍රදේශවලට නැවත යාමට පෙර ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හරහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විමසන්න. 

9). ගංවතුරට හසු වූ මෝටර් රථ ආදිය ඇත්නම් කිසිවිටකත් ඒවා එක්වර පණගැන්වීමට යාමෙන් වලකින්න. අදාල රථවාහන තාක්ෂණික සහය ආයතන වෙත යොමු කරන්න

No comments:

Post a Comment

Bottom Ad [Post Page]