Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

නායකයාගේ සංතර්පණ බලකායට ලාබාල දැරියන් කැඳවයි.

නායකයාගේ සංතර්පණ බලකායට ලාබාල දැරියන් කැඳවයි.

උතුරු කොරියානු නායක කිම් ජොං අං තමාට පූර්ණ කාලීන සේවය කිරීම සඳහා ලාබාල දැරියන්ගෙන් සමන්විත සංතර්පණ බලකායක් ඇති කිරීමට සැරසෙන බව වාර්තා වනවා. 

ඒ සඳහා පියකරු යුවතියන් ඉහළ පෙළේ පාලන මණ්ඩලයක් මගින් තෝරා ගනු ලබන අතර, ඔවුන් පාසල්වලින් සහ සිය පවුල්වලින් ඉවත් කර උතුරු කොරියානු නායකයාගේ මන්දිරයේ පදිංචි කරවනු ඇති.

මෙවැනි කණ්ඩායමක් උතුරු කොරියානු නායකයන් විසින් දශක ගණනාවක සිට පවත්වාගෙන ගිය අතර, කිම් ජොං අං එය නතර කළේ ඔහු කාන්තාවන් පිළිබඳ විශ්වාසය නොතබන්නෙකු වූ බැවින්. 

කෙසේ නමුත්, එවැනි කණ්ඩායමක් යළි ඇති කරන ලෙස කිම් ජොං අං නියෝග කර ඇතැයි උතුරු කොරියානු කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වන ජපාන වසෙඩා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටොෂිමිට්සු ෂිගෙමුරා ප්‍රකාශ කළා.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]