Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

සමනලීගේ වැඩ කිහිපයක් එළියට.

සමනලීගේ වැඩ කිහිපයක් එළියට.

පුංචි තිරයේ සහ සිනමාව තුළ ජනප්‍රිය චරිතයක්වන සමනලී ෆොන්සේකා පසුගිය දිනවල රංගන ක්ෂේත්‍රයේ දක්නට නොලැබුණු තරම් ය.

කෙසේ වුව ද සමනලී ෆොන්සේකා මේ දිනවල ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන බව තමයි ආරංචි වෙන්නේ.

ඉදිරි වැඩකටයුතු ගැන සමනලී ෆොන්සේකා මාධ්‍ය වෙත දක්වා ඇත්තේ මෙවැනි අදහසකි.

“මම රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් එළිදැක්වීමට නියමිතයි. තුෂාරි අබේසේකරගේ ටෙලි නාට්‍යයක් විකාශනය වීමට නියමිත ව තිබෙනවා. ඊට අමතරව සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ චිත්‍රපට රූගත කිරීම් අවසන් කළා. තවත් විශේෂ කාරණාවක්වන්නෙ මම රංගනයෙන් දායක වූ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය, ‘ප්‍රේමය නම්’ සහ ‘නිම්නයක හුදෙකලාව’ යන චිත්‍රපට ඉදිරියේ දී තිරගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

No comments:

Post a Comment

Bottom Ad [Post Page]