Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

උදයන්ති කුලතුංගට පෙම් හසුනක් දුන් කළු උස පෙම්වතා?

උදයන්ති කුලතුංගට පෙම් හසුනක් දුන් කළු උස පෙම්වතා?

ජනප‍්‍රිය රංගන ශිල්පිණි උදයන්ති කුලතුංග කිසිදාක විවාහ නොවන බවට පුවත්පත්වලට නිතර පවසමින් සිටින්නියකි.

ඇයට පේ‍්‍රම ආරාධනාවන් ලැබෙන්නට පටන්ගෙන ඇත්තේ පාසල් කාලයේ සිටයි.

ඇය පසුගිය දිනෙක පුවත්පතකට පවසා තිබුනේ ඇයට මුලින්ම පෙම් හසුනක් ලියාදුන් තරුණයා ගැනයි.

"මම මුලින් අධ්‍යාපන ලැබූ අනුරාධපුරයේ නිවන්තක චේතිය විද්‍යාලය මිශ‍්‍ර පාසලක්. එහෙ මං  ඕ ලෙවල් කරද්දි පාසලේ ශිෂ්‍ය නායකයා මට මුලින්ම ලව් කරන්න ගත්තා. ඔහු කළුම කළුයි. උසයි. හරි හැන්ඩි.
ඒ වගේ චණ්ඩියා. අනෙක ශිෂ්‍ය නායකයානේ. මුලින් මුලින් මිහිරි හිනාවක් පාමින් ‘ගුඞ් මෝනින්’ කියන්න පුරුදු වුණා. කතාවක් නෑ. පස්සේ පස්සේ ලයිබි‍්‍රයේදී අපි මීට් වෙන්න ගත්තා. එයා මම ළඟම පුටුවේ වාඩි වෙනවා.’

"හරි ලස්සනයි උදයන්ති මේ නවල් එක කියවලා බලන්නකෝ.’ කියාගෙන ඔහු මට පොතක් දුන්නා. ඒකේ ඇතුළේ ලියුමක්. ලියුම පුරාම නිසදැස් කවි. හරි ලස්සනයි. දුක හිතෙන කවි. ආදරය උතුරා යන තරම්. ඒ එක්කම සින්දු කෑලිත් ලියනවා.”

හිතක තිබෙන ආදරය ඔබ තව දන්නේ නෑ...
කියා ගන්න බෑ ලිව්වට ඉවර වෙන්නේ නෑ...
අහස් දිලෙන තාරකා ගැනලා ගන්න බෑ...
කියා ගන්න බෑ පොළවේ වැලි මනින්න බෑ...

ජෝතිපාලගේ ගීයක කොටසක් එසේ ලියා මගේ රූපයේ හැඩය අනුව චිත‍්‍රයක් ද ඇඳලා තිබ්බා. කෙමෙන් කෙමෙන් එයාට මගේ හිතත් ගියා. නම හරේන්ද්‍ර. හරේන්ද්‍ර මට පුදුම විදියට ලව් කරන්න ගත්තා.

පස්සේ තවත් කොල්ලෙක් මට ලව් කරන්න ගත්තා. මේවා ඉස්කෝලේ පැතිරෙන්න ගත්තා. මට ලව් කරන කොල්ලෝ දෙන්නා අතර රණ්ඩු සරුවල් ඇතිවුණා. පස්සේ පස්සේ මම ඒ දෙන්නගෙන්ම ඈත් වුණා.”

No comments:

Post a Comment

Bottom Ad [Post Page]