Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

තවත් දෙදෙනෙක් සමග කැලෑවක දී මරා දැමූ 'SF බංඩාගේ පසුපසම සිටි 'රූමතියන් දෙදෙනා

තවත් දෙදෙනෙක් සමග කැලෑවක දී මරා දැමූ 'SF බංඩාගේ පසුපසම සිටි 'රූමතියන් දෙදෙනා

තිරප්පනය, සෙලස්තිමඩුව ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වු හිටපු යුද හමුදා විශේෂ බළකා සෙබළෙකු වු එස්.එෆ් බංඩා සහ අනෙක් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය කාන්තාවන් දෙදෙනෙක් පිළිබඳව තොරතුරු රැස්කර තිබෙනවා. 

මෙම කල්ලියේ සියළු සිද්ධින් සඳහා තරුණ රූමත් කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වී ඇති බවයි  පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. 

මේ අතර එස්.එෆ් බංඩා  නම් වන පුද්ගලයා මෙහෙය වූ  කල්ලියේ අපරාධ රැසකට සම්බන්ධ සාමාජිකයන් සිව් දෙනෙකු ඊයේ (10)රාත්‍රී අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්න අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් ඝාතනයට ලක්වූ පුද්ගලයා සමග එකතුවී කෝටිපති ව්‍යාපාරිකයන් බියවද්දවා කප්පම් ලබා ගැනීම්,මංකොල්ලකෑම් ,සොරකම් සිදුකිරිම් ආදිය සිදු කර තිබෙනවා. 

අත්අඩංගුවටගත් සැකකරුවන් අතර එස්.එෆ් බංඩාගේ රියදුරා ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]