Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

අපි පහුගිය ආණ්ඩුවට බැණ බැණ ඉදලා වැඩක් නැහැ. අපි .......

අපි පහුගිය ආණ්ඩුවට බැණ බැණ ඉදලා වැඩක් නැහැ. අපි .......


2016.05.30 දින 'මව්බිම පුවත්පතේ වෙබ් අඩිවියේ' පළ වූ, වෛද්‍ය අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යතුමිය කළ ප්‍රකාශයක් ඔබගේ දැනුවත් බව උදෙසා ගෙන ඒමට අපට අවසර!
ඉෂාර ලක්මිණ



"අපි පහුගිය ආණ්ඩුවට බැණ බැණ ඉදලා වැඩක් නැහැ. අපි කොහොමද අපේ ආර්ථිකය ගොඩ දාන්නේ කියලා කල්පනා කරන්න ඕනේ"
එක්සත් ලක් වනිතා පෙරමුණේ අභිනව සභාපතිවරිය ලෙස පත් වූ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණිය පසුගියදා සිය ධුරයේ කටයුතු නිළ වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් මේ බව කියා සිටියාය.

අපි පහුගිය ආණ්ඩුවට බැණ බැණ ඉදලා වැඩක් නැහැ. අපි කොහොමද අපේ ආර්ථිකය ගොඩ දාන්නේ කියලා කල්පනා කරන්න ඕනේ යැයි ලක් වනිතා පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණිය පැවසුවාය.

එතුමිය වැඩිදුරටත් කියා සිටියේ, 'ඒ වෙනුවෙන් අගමැතිතුමාගේත් ජනාධිපතිතුමාගේත් වැඩපිළිවලක් තියනවා.අමාත්‍යාංශ මට්ටමින් වැඩපිළිවලක් තියනවා. මං හිතනවා අපි වැරදි වැඩ නොකර, හරියට ඒ අමාත්‍යාංශ වලින් කරන වැඩ කරගෙන ගියොත් මේ රට ගොඩ දාන එක අමාරු වෙන්නේ නෑ'.

අපි දේශපාලනයට ආවට පස්සේ අපේ ජීවිත හැර බොහෝ දේවල් නැතිවෙලා ගියා. අපේ හැම සතේම ගත්තත්, හැම දේපලක්ම ගත්තත් ආගම වගේ තියන පක්ෂය කිසිම වාසි ප්‍රයෝජනයකට මාරු කරන්නේ නෑ කියලා මමත් දයා ගමගේ මැතිතුමාත් දැඩි ස්ථාවරයක හිටියා. අපි මොහොතකටවත් හිතලාවත් නෑ මේ පක්ෂය දාලා යන්න. එහෙම අමාරු ගමනකුයි අපි මේ ආවේ.

ලක් වනිතා පෙරමුණ ගැන කතා කරනකොට, මම දන්නවා පක්ෂයට සම්බන්ධ හැම කාන්තාවක්ම තමන්ට පුළුවන් උපරිමයන් වැඩ කළා කියලා. කිසිම කෙනෙක් 'එපා' කියලා මම කියන්නෑ.

මට වැඩ කරනකොට හැම කෙනෙක් ඕනේ. හැම කෙනෙක් එක්කම මම වැඩ කරනවා. මට එක එක්කෙනා කතා කරලා එක එක ප්‍රශ්න කියනවා. මට ඒවා වැඩක් නෑ. මට එක එක්කෙනාගේ ප්‍රශ්න වැඩකුත් නෑ, එක එක්කෙනාගේ කේලාම් වැඩකුත් නෑ. දැන් මට උවමනාව තියෙන්නේ මෙතනින් එහාට වැඩ කරන්න.

ලක් වනිතා පෙරමුණ, අපේ රටේ තියන විශාලම කාන්තා දේශපාලන බලවේගය බවට පත් කිරීම තමයි මගේ අරමුණ වෙලා තියෙන්නේ. රටපුරා කාන්තා සංවිධාන ජාලයක් බිහි කරන්න අවශ්‍යයයි. දැනටමත් මට ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

No comments:

Post a Comment

Bottom Ad [Post Page]