Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

ඩිනක්ෂිගෙ පෙම්වතා මාධවද?

ඩිනක්ෂිගෙ පෙම්වතා මාධවද?

එක එක කාලෙට එක එක පුවත් මවන ඩිනක්ෂි පෙම්වතියක් වෙලා කියලා අපිට වටින් පිටින් ආරංචි වුණා. ඒත් ඉතින් හොයල බලනකොට ඒ කතාව ඇත්තක්මත් නෙමෙයි කියලත් ආරංචි වුණා. ඒ කතාව එහෙම වෙද්දි අපිට ඩිනක්ෂි ගැන වෙන කතාවකුත් ආරංචි වුණා.

ඒ තමයි මේ වෙනකොට ඩිනක්ෂිගෙ හොඳම යාළුවා මාධව විජේසිංහ කියන එක. ඩිනක්ෂි කියන විදිහට දැන් ඒගොල්ලන්ගෙ යාළුකමට අවුරුදු ගාණක් වෙනවලූ. ඒත් ඉතින් ඒ යාළුකම යාළුකමක් විතරමලූ. දැනට නම් ඊට එහා දෙයක් දෙන්නා අතර නෑ කියල තමයි කියන්නෙ.

ඒත් ඉතින් අනාගතය ගැන එයාට සියයට සියයක් විශ්වාස කරන්න බෑලූ. මොකද අද ‘එහෙම වෙන්නෑ ..’ කියන දේවල් හෙට වෙන කොට එහෙම වෙලා තියෙන නිසා.

හැබැයි ඉතින් මේ වෙනකොට ඩිනක්ෂිගෙ හොඳම යාළුවා මාධව නිසා ජීවිතේ ගොඩක් දේවල් එයා එක්ක කියලලූ තියෙන්නෙ. 

ඉතින් දැනට නම් අපිට කියන්න තියෙන්නෙ ඔච්චරයි. දෙන්නගෙ යාළුකමේ වෙනසක් වුණා කියලා දැනගත්තොත් ඒකත් අපි නමෝවිත්තියෙන්ම කියල දාන්නම් හොඳේ. මොකද අනාගතය ගැන කියන්න බෑනෙ අනේ... හා... නැද්ද?

No comments:

Post a Comment

Bottom Ad [Post Page]