Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

මයිකල් ජැක්සන්ගේ ‘එමාව‘ විවාහ කරගන්න හදලා!

මයිකල් ජැක්සන්ගේ ‘එමාව‘ විවාහ කරගන්න හදලා!

2009 වසරේදී අතරින් සමුගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ට එමා වොට්සන් සමග විවාහ වීමට අවශ්‍ය කළ බව හෙළිවී තිබෙනවා.

ඔහුට මෙසේ එමා වොට්සන්ව විවාහ කර ගැනීමට අවශ්‍ය වී අත්තේ ඇය රඟපෑ හැරී පොටර් චිත්‍රපට මලාවේ මුල් චිත්‍රපටය තිරගත වන කාලයේ වන අතර එවකට එමාගේ වයස අවුරුදු 11 පමණ වී තිබේ.

ඔහු තම පෞද්ගලික වෛද්‍යවරයා සහ හොඳම මිතුරා වූ කොන්රඩ් මරේ වෙත පවසා ඇත්තේ තමාට එමා වොට්සන් හා විවාහ වීමට අවශ්‍ය බවයි.මෙය හිතලූවක් නොවන බවත් ඔහු සැබෑවටම එමා වොට්සන් හට පෙම්කළ බවත් කොන්රඩ් මරේ පවසයි.

මෙය හෙළිවූයේ වෛද්‍ය කොන්රඩ් මරේ විසින් මයිකල් ජැක්සන් පිළිබඳ රචනා කරන ලද “This is It” නම් කෘතියෙනි.

මයිකල්ගේ ජීවිත කාලය තුළදී ඔහු සම්බන්ධ වූවායි කියන ළමා අපයෝජනයන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක්ද එකළ වාර්තා විය.

කෙසේ වෙතත් 2009 වසරේදී මත්ද්‍රව්‍ය පමණට වඩා භාවිත කිරීම හේතුවෙන් වයස අවුරුදු 50දී ජීවිතයට සමුදුන් මයිකල් ජැක්සන්, වයස අවුරුදු 11 වූ එමා වොට්සන්ට පෙම්කළ පුවත මේ වන විට ලෝ පුරා කතාබහට ලක්වෙමින් තිබේ.


No comments:

Post a Comment

Bottom Ad [Post Page]