Full width home advertisement

Female Model

Post Page Advertisement [Top]

හේමාල් සිනමාවෙන් සමුගනී.

හේමාල් සිනමාවෙන් සමුගනී.

මේ දවස්වල වැඩි කතාබහට ලක් වෙලා තියෙන ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයෙ ප‍්‍රධාන චරිතය රඟපාන හේමාල් රණසිංහ කියන්නෙ අපේ සිනමාවෙ ඉන්න දක්ෂ ඒ වගේම කඩවසම් නළුවෙක්නේ.

ඒකට හොඳම නිදර්ශනය තමයි ‘ආරණීය කතාවක්’ කියන්නෙ. මොකද මේ වෙනකොටත් ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය ආදායම් වාර්තා තියලා ඉවරයි. ඒකට ඉතිං හේමාල්ගෙ රඟපෑමත් ගොඩක් බලපෑම් කළා කියල තමයි සමහරු නම් කියන්නෙ.

ඒ කොහොම වුණත් ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය තිරගත වීම නතර කරන්න ක්ෂේත‍්‍රයේම ඉන්න ප‍්‍රවීණයො කියාගන්නා පිරිසක් පහුගිය දවස්වල ලොකු උත්සාහයක් ගත්තනේ. බකට් ඇද්දා, පෝස්ටර් ගැහුවා, පැමිණිලි කළා, අන්තිමට නඩුත් දැම්මා. ඒත් ඉතින් ඒ එකක්වත් හරිගියේ නෑ.

හැබැයි ඉතින් සමහර ප‍්‍රවීණයො වගේ ඉන්න අය කරපු ඔය වැඩ නිසා හේමාල් නම් ක්ෂේත‍්‍රය ගැන කලකිරිලලූ ඉන්නේ. හේමාල් කියන විදිහට සිංහල සිනමාව ගොඩගන්න හදන හැම වෙලාවකම ඒකට බාල්දි අදින්නෙ ක්ෂේත‍්‍රයේ අයමලූ නේ. එහෙම කරන එකෙන් වෙන්නෙ කවදාහරි දවසක අපිට සිනමාවක් නැති වෙන එකලූ. ඒ නිසා එයා තව පාරක් හිතනවලූ මේ වගේ කකුලෙන් අදින ක්ෂේත‍්‍රයක තවදුරටත් ඉන්නවද නැත්නම් මේක දාලා ගිහින් වෙන ක්ෂේත‍්‍රයක වැඩ කරනවද කියලා.

ඇත්තමයි ඔය කියන චිත‍්‍රපට ප‍්‍රවීණයො වගේ ඉන්න ලොකු ලොකු මහත්තුරු හේමාල් කියන කතාව ගැන කුහක නොවී පොඞ්ඩක් හිතල බැලූවොත් නරකද?

සිනමාව කියන්නෙ ලන්සි පැපොල් වගාවක් නෙමෙයිනේ ඉතින්...

No comments:

Post a Comment

Bottom Ad [Post Page]